චතාරිකයට මුල පුරන අළු බදාදා

චතාරිකයට මුල පුරන අළු බදාදා
Photo by Thays Orrico / Unsplash

දේව වන්දනාත්මක වර්ෂයට අනුව සෑම වසරකම අළු බදාදා දිනෙන් චතාරිකය/ කොරොස්ම කාල පරිච්ඡේදයට අපි ඇතුළු වන්නෙමු. මෙය "වරප්‍රසාදයීය කාලයක්" ලෙස තවදුරටත් හඳුන්වනු ලබයි. වරප්‍රසාදයීය කාලයක් ලෙස හඳුන්වනු ලබන්නේ මේ කාල පරාසය තුළ අපි ඇති කරගනු ලබන අවංක මනස්ථාපනය අරභයා, අපට දායාද වන දේව ප්‍රේමයයි.

මනස්ථාපනය සැබෑ වරප්‍රසාදයීය මාවතය. ඇති කරගනු ලබන සැබෑ අවංක, ගැඹුරු මනස්ථාපනය (metanoia යන ග්‍රීක යෙදුම) මෙම කාල පරාසය තුළ දිස්වන ශුද්ධ ලියවිලි පාඨයන් මඟින් මනාව පිළිබිඹු වේ.

අළු බදාදා දින දිව්‍ය පූජා යාගය ඔස්සේ අපට දායාද වන ශුද්ධ ලියවිලි පාඨයන්, විශේෂයෙන් පළමු කියවීම (ජෝවෙල් 2:12-18)  සහ ශු. සුවිශේෂ පාඨය (මතෙව් 6:1-6, 16-18) සම්පූර්ණ චතාරික කාලය තුළම රැව් පිළිරැව් දෙන තේමා පටුන අප අවධානයට ලක් කරයි.

ජෝවෙල් දිවැසිවරයාගේ දිවැසි වැකිය " වත ඉරාගෙන නොව සිත ඉරාගෙන" (ජෝවෙල් 2:13) මුළු චතාරික කාලයම මනාව සාරාංශ කොට දක්වයි. තවද, ඇති කරගනු ලබන බාහිර/ පිටස්තර සූදානමට වඩා (ලෞකික) තිබිය යුතු අභ්‍යන්තර/ ඇතුලාන්ත වෙනස (Profound transformation of heart and mine) සුවිශේෂී බව අවධාරණය කරයි. එමෙන්ම, ආකල්පමීය, සදාචාරාත්මක පැවැත්ම ඉස්මතු වන අයුරින් චතාරික කාලය දේව වන්දනාත්මකව සැකසී ඇති බව තවදුරටත් කිතුනු අපට "අළු බදාදා" මඟින් සිහිපත් කරයි.

ඇතුලාන්ත, අභ්‍යන්තර පවිත්‍රත්වය මඟින් දේව වරප්‍රසාදයට නතුවීමට ද, ඇරයුමක් ලෙස අළු බදාදා අරුත් ගැන්වීමේ වරදක් නොමැති තරම්‍ ය.

"..... සිත ඉරා ගෙන...." මෙම තේමා පටුන විචිත්‍ර කරනු ලබන තවත් අනු තේමා ත්‍රිත්වයක් දෙස ද අදට යෙදී ඇති සුපුවත මඟින් අනාවරණය කරනු ලබයි. යාච්ඤාව, දන්දීම සහ එක්වරුශීලය. මෙමඟින් ස්වාමීන් වහන්සේගේ හා ගැඹුරින් බද්ධ වීමට බෞතීස්මය ලද සෑම කිතුනුවකුම බැඳී සිටින බව නොරහසකි. යාච්ඤාව, දන්දීම සහ එක්වරු ශීලය සම්බන්ධව ගැඹුරින් අවබෝධ කරගැනීමට උත්සුක වීම මෙයින් උද්දීපනය වන තවත් එක් වගකීමකි. මේ ත්‍රිත්වය දෙස මෙහි දී කතිකා කිරීමට වඩා මේ සම්බන්ධව වෙනම කතිකාවක් දියත් කිරීම වඩා ප්‍රායෝගිකය.

තවද, "අළු තැවරීම" මානව ජීවිතයේ සීමාසහිත බව සංකේතාත්මකව අපට සිහිපත් කරයි. සීමාසහිත දිවි පැවැත්ම තුළ සීමාරහිත ලෞකික අභිලාෂයන් සහ ප්‍රාර්ථනා තිබිය නොහැකි බව ද අවධාරණය කරයි.

මානව සැප සම්පත් රැස් කිරීමට වඩා සදාතනික ජීවිතය වෙනුවෙන් කැපවීමට බෞතීස්මය ලද සෑම කිතුනුවකුටම තවදුරටත් ඇරයුම් කරයි.

මෙම ඇරයුමට සුභවාදීව ප්‍රතිචාරය දැක්වීම අප වගකීම නොවන්නේ ද?

ඉන්ද්‍රා රත්නසිරි ප්‍රනාන්දු පියතුමා

මීසම් සේවක,

කලමුල්ල මීසම

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;