සාන්තුවරයන් අසාමාන්‍යද?

සාන්තුවරයන් අසාමාන්‍යද?

අහසෙ ඉගිලෙන කුරුල්ලො දිහා බලන්න උන් ඉගිලෙන ලස්සන, වතුරෙ එහා මෙහා පීනන මාළු දිහා බලන්න කොච්චර ලස්සනට පීනනවද කියලා.  අපි උන් දිහා කොච්චර බලන් හිටියත් අපිට කවදාවත් ඒ වගේ ඉගිලෙන්න වත් පීනන්න වත් බෑ.
ඒ නිසා අපි කුරුල්ලෝ, මාළු වර්ග ගෙනත් අපේ ගෙදරින් තියාගන්නවා. මොකද අපි ඒ සත්ත්ව කොට්ඨාසයට අයිති නැති නිසා අපිට කවදාවත් ඒ හැකියාව ලබා ගන්න බෑ.

මං දැන් දුක හිතෙන කතාවක් කියන්නද?
අහල බලන්න.

අපි වගේම එක්තරා මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා, අපේ කතෝලිකයෝ හිතාගෙන ඉන්නෙ එයාලා වෙනම සත්තු කොට්ඨාසයක් කියලා. ඒ නිසාම අපේ කතෝලිකයෝ අර කලින් මාළු,  කුරුල්ලො දිහා බලල කිව්ව වගේම කියනවා,

" බලන්නකෝ එයාල ජීවත් වෙලා තියෙන ලස්සන, කොච්චර ප්‍රසන්න ද " කියලා.
ඒ වගේම කලින් මාළු, කුරුල්ලො ගෙදර ගෙනත් තියාගත්ත වගේම ඒ අයගේ පිළිම ගෙනල්ලා ගෙදරින් තියාගන්නවා. හිතාගන්න පුලුවන්ද කවුද ඒ සත්ව කොට්ඨාසය කියලා?

ඒ වෙන කවුරුත් නෙමේ සහෝදර සහෝදරියනි, අපේම සාන්තුවරු. බලන්න එයාලා අපි වගේම මිනිස්සු, අපිට වඩා වැඩිපුර කිසිම දෙයක් තිබුණේ නෑ. නමුත් එයාල ශුද්ධවත් ජීවිතයක් ගත කරා. ඒ ශුද්ධත්වයෙ අමිල වූ මිහිරි රසය ඔවුන් වින්දා.ඒ රසය තිබ්බේ ජේසු වෙනුවෙන් විදින කට්ට නැත්තම් දුක්වේදනා තුල ඉතින් ඔයාටත් බැරිද ඒ වගේ වෙන්න?

අපි තාමත් සාන්තුවරුන් වෙනුවෙන් මංගල්‍ය කර කර,  ඔවුන්ගේ ගුණගයමින් ඉන්නව.  කවදද ඔයා සාන්තුවරයෙක් වෙන්නෙ?

හිතන්න, දෙවියන් වහන්සේත් අපෙන් මේ දේවල් නෙමේ බලාපොරොත්තු වෙන්නෙ.
උන්වහන්සේගේ හඩ නොඅහා ඔබත් ඔබේ මරණ මංචකය භයානක කරගන්න ද මේ  යන්නේ?  හිතන්න!

දෙවියන්වහන්සේගේ බස් නොඅහා, ජීවිත කාලයේ උන්වහන්සේට නොයෙක් විදිහට අපහාස කළ පුද්ගලයෙකුගෙ මරණ මන්චකයයි මේ 👇

'තෝමස් පේන්' නැමැත්තා ඉංග්‍රීසි ජාතික ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරිකයෙක්, දාර්ශනිකයෙක්, දේශපාලන න්‍යායාචාර්යවරයෙක් සහ විප්ලවවාදියෙක් වූ මොහු එකළ ඇමෙරිකානු කොළනි වල ප්‍රධානතම අදේවවාදී, දෙවියන් වහන්සේට නිග්‍රහ කල ලේඛකයා විය;

මේ ඔහුගේ මරණ මන්චකයෙ කියපු අවසාන වදන් පෙළ. 👇

"ස්වාමිනී, තනිවී සිටීම මට දරාගත නොහැකිය.මට උපකාර කළ මැනව.මෙතරම් දුක් වේදනාවක් මට දැන් දැනෙන්නේ මම කුමක් කළ නිසාද? මෙතැනින් පසුව මට කුමක් වනු ඇතිද? ස්වාමිනී මට උදව් කරන්න, ක්‍රිස්තුනි මට උදව් කරන්න, මාව අත්හැර දමා නොයන්න.මම මෙහි නිරයේ අද්දර සිටිමි.යක්ෂයාට කවදා හෝ නියෝජිතයෙකු සිටියේ නම්, මම ඒ තැනැත්තා වෙමි"

සටහන ~ නෙහාන් දිනාත්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව