අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය පිළිබද දුර්මත දුරු කර ගනිමු

අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය පිළිබද දුර්මත දුරු කර ගනිමු

Apostolic succession කියන්නෙ මොකක්ද?

Apostolic succession නැත්නම් අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය කියන්නෙ වර්තමානයේ සිටින ඕනම බිශොප් වරයෙකුට ඔහුව අභිශේක කරපු බිශොප්වරයා, ඒ බිශොප්ව අභිශේක කරපු බිශොප් වරයා, එයාව අභිශේක කරපු බිශොප් වරයව වගේ හොයාගෙන ගියොත් අවසානයේ ඒ lineage එක අපෝස්තුලුවරයෙකු දක්වාම දිව යන එකට. කෙටියෙන් කිව්වොත් වර්තමානයේ ඉන්න ඕනම බිශොප් කෙනෙක්ව අපෝස්තුලුවරයෙක්ගෙන් පැවතගෙන එන බව පෙන්වන්න තියෙන හැකියාව.

Apostolic succession එක කොහොමද එන්නෙ?

ශුද්ධ ලියවිල්ලෙ සදහන් කර තියෙනව වගේ බිශොප්වරයෙකු තවත් කෙනෙකුව අත් තැබීම මගින් අභිශේක කිරීම මගිනුයි අපෝස්තලික බලතල ගලාගෙන යන්නෙ.

"ඔව්හු මේ අය ප්‍රේරිතයන් වෙත ඉදිරිපත් කළහ. ප්‍රේරිතයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ." ක්‍රියා 6:6

ජේසුස් වහන්සේ මේ අධිකාරීත්ව සංකල්පය ප්‍රතික්ශේප කළේ නැද්ද?

බොහෝ ප්‍රොතෙස්තන්ත්‍ර සහෝදරවරුන් පවසන කරුණක් වන්නේ ජේසුස් වහන්සේ මේ ආකාරයේම පරිසිවරුන්ගේ අධිකාරිත්වය විවේචනය කළ බවයි, ඇත්තටම දේව වචනයේ මොකක්ද කියන්නෙ?

“විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති. එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති." ශුද්ධවර මතෙව් 23:1-3

පැහැදිලිවම ජේසුස් වහන්සේ සදහන් කරනව පරිසිවරු හා විනයධරයෝ මෝසස් තුමාගේ ව්‍යවස්ථාව අර්ථකතනය කරන්න අධිකාරීත්වය දරණ පිරිස බව හා විශේෂයෙන් ජේසුස් වහන්සේම කියනව ඔවුන් උගන්වන සියල්ල නොපිරිහෙලා කරන්න කියලා. නමුත් ජේසුස් වහන්සේ විවේචනය කරන්නෙ ඔවුන්ගේ ක්‍රියාවන් පමණයි. මොකද ඔවුන් කියන්නෙ එකක් හා කරන්නෙ ඊට විරුද්ධ දෙය නිසා.

Apostolic succession එක මගින් ලැබෙන අපෝස්තලික බලතල මොනවාද?

අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය මගින් වලංගු ලෙස අභිශේක වුන බිශොප්වරයෙකුට ප්‍රධාන වශයෙන් සභා ඉගැන්වීම් කිරිමට අධිකාරීත්වය හා වලංගු සක්‍රමේන්තු දානය කිරීමට හැකියාව ලැබේ.

එතකොට එම බිශොප්වරු උගන්නන හැම දෙයක්ම සත්‍යද නැත්නම් ඒ ඉගැන්වීම් එන්නෙ ශුද්ධාත්ම ආනුභාවය තුලින්ද?

නැහැ. අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය තුළ එහෙම කැරීස්මාවක් හදුන්වා දෙන්නෙ නෑ. වලංගු අපෝස්තලික අනුප්‍රාප්තිකත්වයක් ඇති බිශොප් වරයෙක් වැරදි ඉගැන්වීමක් නැත්නම් කතෝලික සභාවෙන් සිදු නොකරන ඉගැන්වීමක් කරන්න පුලුවන්. ශුද්ධාත්ම ආනුභාවය මගින් සභාවේ නොවරදිනසුලු ඉගැන්වීම් කරන්න පුලුවන් අවස්ථා සීමිත ප්‍රමාණයක් තියෙන්නෙ. මන්ත්‍රණ සභාවල විශේෂ අවස්ථාවලදී, පාප් තුමන් ex cathedra අවස්ථාවේ සිට සිදු කරන ප්‍රකාශ ආදිය.

කතෝලික සභාවෙන් පිටත වලංගු අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය තියෙන වෙන සභා තියෙනවද?

ඔව්. කතෝලික සභාවෙන් පිටත වලංගු Apostolic succession එක තියෙන සභා කිහිපයක් තියෙනව, ඒ ඕර්තඩොක්ස් සභාව වගේ. ඕර්තඩොක්ස් සභාවත් අපෝස්තුලුවරුන්ගෙන් පැවත එන නමුත් ජේසුස් වහන්සේ ස්ථාපිත කල කතෝලික සභාවෙන් 11වන සියවසේදී වෙන් වුන සභාවක්. කතෝලික සභාවෙන් වෙන්වුනත් ඔවුන් අපෝස්තුලුවරුන්ගෙ ඉදන්ම අත් තැබීම මගින් බිශොප් වරය දානය කිරීමෙන් අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය ගලා ගෙන ආව නිසා ඔවුන්ගේ සක්‍රමේන්තුත් කතෝලික සභාව වලංගු සක්‍රමේන්තු ලෙස පිළිගන්නව.

අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය තවත් සභාවලත් තියෙනවනම් ඒකේ ඇති ඵලය මොකක්ද?

කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපෝස්තල්ක අනුප්‍රාප්තිකත්වය තවත් සභාවලත් තියෙනවනම් ඒකේ ඇති ඵලය මොකක්ද කියලා. ඇත්තටම අපෝස්තල්ක අනුප්‍රාප්තිකත්වයෙ ඇති වැඩේ මොකක්ද? මුලදි කිව්ව වගේ Apostolic succession එකෙන් පෙන්නන්නෙ සභාවක් අපෝතුලුවරුන්ගෙන් පැවතගෙන එන බවයි, නමුත් ඒකෙන් කියන්නෙ නෑ ඒ නිසාම ඒ සභාවෙ සත්‍ය ඉගැන්වීමම තියෙන්නෙ කියලා. මුල් සියවස්වලදි අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය භාවිතා කලේ මිත්‍යාදෘශ්ටික කණ්ඩායම් සමග වාද කිරීමේදි. එනම් අපිව පත් කළේ අපෝස්තුලුවරුන් ඒත් ඔයගොල්ලන් එකපාරම මතුවුන අය කියලා කියන්න. ඕකට හොදම උදාහරණයක් තමයි ශුද්ධ වූ ජෙරම් තුමා ලුසිෆේරියන් වරුන් සමග කරන වාදෙදි "බිශොප්වරුන්ගෙන් තොරව සභාවක් කොහෙද" කියලා කියන ප්‍රසිද්ධ කියමන.(𝘋𝘪𝘢𝘭𝘰𝘨𝘶𝘦 𝘸𝘪𝘵𝘩 𝘵𝘩𝘦 𝘓𝘶𝘤𝘪𝘧𝘦𝘳𝘪𝘢𝘯𝘴, 21)

නමුත් කාලයත් සමග සභා බෙදීම් සිදුවුනා, Apostolic succession එක තියෙන මුලදි පේදුරු තුමාගේ අනුප්‍රාප්තිකත්වය පිළිගත්ත ප්‍රාදේශීය සභාවන් පසුව ඒක ප්‍රතික්ශේප කරලා තමනුත් ඊට සමානව උසස් කියන්න උත්සහා කළා. මේ ආදී ප්‍රශ්න නිසා සභා බෙදීම් විවිධ කාලවල උනා. බෙදීම් වුනත් ඔවුන්ගේ Apostolic succession එක වලංගුව පැවතුනා. ඉතින් Apostolic succession එකෙන් ඇති වැඩේ මොකක්ද? මුල් සභා පියවරුන්ට අනුව අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය ඇති සභා පමණයි සභාවක් යන නාමය දැරීමටත් සුදුසු වන්නෙ. ඒ නිසාමයි කතෝලික සභාව විසින් පොතෙස්තන්ත්‍ර සභාවන්, සභාවන් ලෙස හදුන්වන්නෙ නැතුව Ecclesial Communities නැත්නම් සභා සංඝ විදියට හදුන්වන්නෙ. ඉතින් අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය කිතු දහම ඉගැන්වීමට, සභාවකට අධිකාරීත්වය තිබීමට අත්‍යවශ්‍ය අංගයක්. විශේෂයෙන්ම අන්තියෝකයේ ඉග්නේශස් තුමා කිව්වා වගේ දිව්‍ය සත්ප්‍රසාදය හා පූජකවරය යන සක්‍රමේන්තුවල වලංගුභාවය පවතින්නේ අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය ඇත්නම් පමණයි. එතන පමණයි සභාව තියෙන්නෙ.

“Let no one do anything of concern to the Church without the bishop. Let that be considered a valid Eucharist which is celebrated by the bishop or by one whom he ordains [i.e., a presbyter]. Wherever the bishop appears, let the people be there; just as wherever Jesus Christ is, there is the Catholic Church” (Letter to the Smyrneans 8:2 [A.D. 110])

අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය තියෙන සභාවන් අතරින් ජේසුස් වහන්සේ ස්ථාපිත කරපු සත්‍ය සභාව හොයාගන්නෙ කොහොමද?

අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය තියෙන සභාවක් කියන්නෙම ඒ සභාව ඉතිහාසයේ යම් කාලයක් තුළ පේදුරු තුමන් මත ගොඩනගපු සභාව නැත්නම් රෝමයේ පාප් තුමන් යටතේ හිටපු සභාවක් කියන එක. ශුද්ධ වූ සිප්‍රියන් තුමන්, අපෝස්තලික අනුප්‍රාප්තිකත්වයේ කේන්ද්‍රස්තානය වන පේදුරු තුමාගේ ආසනයෙන් පිට සත්‍ය සභාවක් නැති බව අපට මතක් කර දෙනවා.

If someone [today] does not hold fast to this unity of Peter, can he imagine that he still holds the faith? If he [should] desert the chair of Peter upon whom the Church was built, can he still be confident that he is in the Church?” (The Unity of the Catholic Church 4; first edition [A.D. 251])

සාර්ඩිසා හී කවුන්සිලය තුළත් එය මෙසේ කියනව:

“[I]f any bishop loses the judgment in some case [decided by his fellow bishops] and still believes that he has not a bad but a good case, in order that the case may be judged anew . . . let us honor the memory of the apostle Peter by having those who have given the judgment write to Julius, bishop of Rome, so that if it seem proper he may himself send arbiters and the judgment may be made again by the bishops of a neighboring province” (Canon 3 [A.D. 342]).

ශුද්ධ වූ ඔප්ටේටස් තුමනුත්, සිප්‍රියන් තුමා කිව්ව දෙය වඩා සවිස්තරාත්මකව පෙන්වා දෙනවා:

“You cannot deny that you are aware that in the city of Rome the episcopal chair was given first to Peter; the chair in which Peter sat, the same who was head—that is why he is also called Cephas [‘Rock’]—of all the apostles; the one chair in which unity is maintained by all” (The Schism of the Donatists 2:2 [A.D. 367]).

ඉතින් අද පේදුරු තුමන්ගේ ඒකත්වය තුළ සිටින්නේ කතෝලික සභාව පමණයි.

එහෙමනම් සත්‍ය සම්ප්‍රදාය මොකක්ද කියලා තීරණය කරන්නෙ කොහොමද?

ඒකට හොදම උත්තරය ප්‍රොතෙස්තන්ත්‍ර ඉතිහාසඥයෙකු වුන බී. ටී. බට්ලර්, ශුද්ධ වූ ඉරනේයස් තුමන් දැරූ මතය සාරාංශ ගත කරමින් මෙහෙම කියනව:

As the Canon and interpretation of the written tradition is to be determine by authority, so also is the unwritten…Once granted that there was such a thing as unwritten information to which valid appeal could be made, the only answer to the heretic was the plain assertion that the true oral tradition was the exclusive possession of the Church, just as was the written tradition. This was seconded by the assertion that, as the Church was alone competent to expound the Scripture, so she alone could determine the meaning of that which was not written…It was the teaching of S. Irenaeus that the witness to tradition is collective, and, indeed, by inherent nature universal. It is not individual, for individualism is the mark of heresy… The voice of the Church is always for practical purposes regarded as the voice of her official and recognized leaders” (The Church and Infallibility : pp. 91 f.)

ඔහු කියන විදියට ජොහාන් අපෝස්තුලුතුමාගේ අනුගාමිකයෙක් වුන ඉරනේයස් තුමන් දරපු මතය වෙන්නෙ: ලිඛිත දේව වචනය වන බයිබලයට අදාළ පොත් ටික සභා අධිකාරීත්වයෙන් තේරුවා වගේම වාචික සම්ප්‍රදාය මගින් ආව දේව වචනය තෝරන්න ඕනෙත් සභා අධිකාරීත්වය මගින්. ඒවගේම ඒ වාචික සම්ප්‍රදාය බහුතරයක් විසින් දරපු දෙයක් වෙන්න ඕනෙ. ප්‍රොතෙස්තන්ත්‍ර ඉගැන්වීම් වගේ යම් කාලයක මතු වෙලා සුලු පිරිසක් විසින් විශ්වාස කරපු ඉගැන්වීම ව්‍යාජ ඉගැන්වීම් වල සලකුණක් යන්නත් ඔහු අවදාරනය කරනව.

ඉතින් මොන සභා අධිකාරීත්වයද හරි?

ජේසුස් වහන්සේ මතෙව් 16:18 දී සභාව ස්ථාපිත කළේ පේදුරු තුමන් මතයි. ඉහත සාක්ශි සමග පෙන්නුව වගේ පේදුරු තුමන්ගේ අනුප්‍රාප්තිකයා යටතෙ තියෙන සභාවන් පමණයි සත්‍ය සභා ලෙස මුල් සභා පියවරුනුත් හදුන්වා දුන්නේ. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඇතැම් සභා අපෝස්තුලුවරුන්ගෙන් පැවතගෙන ආවත් ඔවුන් පේදුරු තුමන්ගෙන් ගිලිහී යාම නිසා සත්‍ය සභාව කියන කැරිස්මාව ඔවුන්ගෙන් නැතිවෙලා තියෙනව. වර්තමානය වන විට සත්‍ය සභාව යන කැරිස්මාව භුක්ති විදින්නේ කතෝලික සභාව හා කතෝලික සභාව යටතේ තියෙන පෙරදිග කතෝලික සභාවන් පමනයි.

අපෝස්තලික අනුප්‍රාප්තිකත්වය ඇති නමුත්, ජේසුස් වහන්සේ විසින් පේදුරු තුමා පිට ගොඩනැගූ සභාවෙන් වෙන් වන සිටින අපගේ සහෝදර සභාවලට හා අපගේ සහෝදර ප්‍රොතෙස්තන්ත්‍ර කිතුනු සංඝත් ඉක්මනින් පෙර පරිදිම කතෝලික සභාව සමග ඒකත්වයට පැමින කිතු දහමේ සම්පූර්ණ සත්‍යතාව භුක්ති විදීමට අවස්ථාව උදා කරන මෙන් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගෙන් අයද සිටිමු!