දේව දූත ධූරාවලිය | Angel Hierarchy

දේව දූත ධූරාවලිය | Angel Hierarchy

දේව ආශීර්වාදය බහුලව ලැබෙන දවසක් වේවා. අද මම මේ දේව දූත ධූරාවලිය ගැන ඔයාලා එක්ක පුංචි දේවල් ටිකක් බෙදාගන්න හිතුවා. ඇත්තම කිවුවොත් මම මේ දේවල් සම්බන්ධ ප්‍රවීණයෙක් වත් දේව ධර්මය පිළිබඳ විශාරදයෙක් වත් නෙමෙයි. මම මේ බෙදාගන්න යන්නේ ශුද්ධ බයිබලයේ සහ සභා සම්ප්‍රදායේ ඒ වගේම අනතර්ජාලයේ මූලාශ්‍ර වලින් මම තනියම අධ්‍යනය කරලා සොයා ගත් කරුණු කිහිපයක් විතරයි.

මුලින්ම අපි බලමු කවුද මේ දේව දූතයෝ කියන්නේ කියලා. දේව දූතයා කියන නමෙහි අර්ථය වන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩ කරුවා යන්නයි. නැත්තන් ගැලවීමේ උරුමය ලබන්නන් වෙනුවෙන් සේවය කරන පිණිස එවන ලද ආත්මයන්. පිළිබඳව ශුද්ධවූ බයිබලයේ මේ පහත සඳහන් පදය සාක්ෂි දරනවා.

එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය. (හෙබ්‍රෙව් 1:14)

මෙම පදය අනුව දේව දූතයන් යනු දෙවියන් වහන්සේට පක්ෂපාති ආත්මයන් ලෙස නම් කරනවා. ඉතින් අපි බලමු මේ දේව දූතයන් කියන අය ගැන එබ්‍රහමික ආගම් එනම් ආබ්‍රහම් තුමා සම්බන්ධ ආගම් වන වන ජුදා ක්‍රිස්තියානි ඉස්ලාම් යන ආගම් තුනේම සඳහන් වෙනවා. මීට අමතරව දේව දූතයෝ ගැන සඳහන් ආගම් හා විශ්වාස තියනවද ඔව් තියනවා උදාහරණයක් ලෙස ඉරානයේ සොරෝස්ටියන් ආගම මෙය එබ්‍රහමික ආගමක් නොවුනත් මෙහිත් දේව දූතයන් කියන කොට්ඨාශය ගැන සඳහන් වෙනවා මෙය නිර්මාණය වෙන්නේ ඉරානය කියන රටේ සොරෝස්ට කියන ආගමික නායකයා වටා ය. ඉතින් අද මම කතා කරන්නේ ක්‍රිස්තියානි ආගමේ සඳහන් වෙන දේව දූතයන් පිළිබඳවයි.

ඉතින් මේ ක්‍රිස්තියානි ආගමේ විශේෂයෙන් රෝමානු කතෝලික සභාවේ ඉන්න මේ දේව දූතයන්ට ධූරාවලියක් තියනවා අපි මේක හඳුන්වන්නේ Angel Hierarchy කියන නමින් ඉතින් මේ Angel Hierarchy එක නිර්මාණය කරලා තියෙන්නේ Pseudo-Dionysius the Areopagite නම් ක්‍රි.ව 5 වන සියවසේ අග භාගයේ හා ක්‍රි.ව 6 වන සියවසේ මුල් භාගයේ ජීවත් වූ ග්‍රීක ලේඛකයෙක් විසින්ය. ඉතින් මේ පිළිබඳව ඔහු පොතක් ලියනවා De Coelesti Hierarchia එහෙමත් නැති නම් Celestial Hierarchy කියලා. එහි සිංහල තේරුම ආකාශ ධූරාවලිය යන්නයි. ඉතින් මේ Pseudo-Dionysius the Areopagite හදපු මේ දේව දූත ධූරාවලියේ දේව දූතයන් ඔහු විසින් කොටස් නවයකට එහෙමත් නැති නම් ශ්‍රේණි නවයකට ඔහු විසින් වෙන් කරනවා. ඒ වෙන්න කරන ශ්‍රේණි 9 යේ පිළිවෙල යට ඉඳන් උඩට එහෙමත් නැති නම් අඩුම තැන ඉඳන් ශ්‍රේෂ්ඨ තැනට යනකල් මෙහෙමයි.

යටින්ම ඉන්නේ කොටස හඳුන්වන්නේ (Lowest Order) යන නමින් එයට අයත් වන්නේ Angels ඒ කියන්නේ දේවදූතයන්. ඊට ඉහළින් ඉන්නවා Archangels ඒ කියන්නේ අග්‍රදූතයන්. ඊට පස්සේ Principalities ඒ කියන්නේ මූලධර්ම කියන පිරිසයි. දෙවැනි කොටස එනම් මධ්‍යම කොටස (Middle Order) එහි යටින්ම සිටින්නේ Powers එනම් බලතල කියන පිරිස. ඉන්පසුව සිටින්නේ Virtues එනම් ගුණධර්ම කියන පිරිස. ඉන්පසුව Dominations ඒ කියන්නේ ආධිපත්‍ය කියන පිරිස. දැන් තමයි ඉහළින්ම ඉන්න කොටස එනම් ශ්‍රේෂ්ඨම කොටස (Great Order). එහි පහළම සිටින්නේ Thrones ඒ කියන්නේ සිංහාසන කියන එකයි. ඉන්පසුව Cherubim මේ අයව නම් ඔයාලට අහලා පුරුදු ඇති මෙයාලට තමයි කෙරුබ්වරු කියන්නේ උත්පත්ති 3:24 සඳහන් වෙන්නේ මේ අය ගැනයි. ඉතින් දැන් අපි බලමු මේ ශ්‍රේෂ්ඨම දේව දූත කණ්ඩායමේ ඉහළින්ම සිටින කණ්ඩායම ගැන ඔවුන්ව හඳුන්වන්නේ Seraphim එහමත් නැති නම් සේරෆිම් යන නමින්.

දැන් අපි බලමු මේ එක් එක් කාණ්ඩයට අයත් දේව දූතයින්ගේ ලක්ෂණ මොනවද කියලා.

මේ අනුව පහළම කාණ්ඩයට අයත් වන දේව දූතයින් වන Angels Archangels & Principalities යන අය ගැන කීමට ඇත්තේ ඔවුන් තමයි පෘථිවියේ සිටින මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ පණිවිඩ රැගෙන එන්නේ. ඒ පණිවිඩ රැගෙන පැමිණෙන දූතයින්ගේ ප්‍රධානින් වෙන්නේ මේ Archangels එහෙමත් නැතිනම් අග්‍රදූතයින් කියන පිරිසයි කතෝලික සභාව ප්‍රධාන අග්‍රදූත වරුන් තුන්දෙනෙක් සිටින බව විශ්වාස කරනවා ඒ තමයි ඔබ කවුරුත් දන්න ශාන්ත මිඛායෙල්, ශාන්ත ගාබ්‍රියෙල් ඒ වගේම ශාන්ත රෆායෙල් කතෝලික බයිබලයේ මේ තිදෙනා ගැනම සඳහන් වුවත් රෙපරමාදු සහ අනෙකුත් ක්‍රිස්තියානි බයිබල් වල සඳහන් වෙන්නේ දෙදෙනෙකුගේ නම් පමණයි එනම් මිඛායෙල් සහ ගාබ්‍රියෙල් යන අග්‍රදූතවරු දෙදෙනාගේ නම් පමණි. අනෙකුත් අග්‍රදූත වරයා ගැන සඳහන් වුවද ඔහුගේ නාමය රෆායෙල් ලෙස සඳහන් නොවේ. ඔහුව නිර්නාමිකව හඳුන්වා ඇත. මීට අමතරව ජුදා සම්ප්‍රදායේ තවත් අග්‍රදූතයින් හතර දෙනෙකු ගැන සඳහන් වෙනවා. මෙහි Principalities එනම් මූලධර්ම නමින් හඳුන්වන් දේවදූතයින් කණ්ඩායම ස්වාරග්යේ පණිවිඩ රැගෙන යන අයයි. ඔවුන් දිව්‍ය පර්යාය තුළ අණදීමේ බලය සහිත ස්වෛරී චරිතයක් හිමි අයයි. ඩොමීනියන් ඒන්ජල්ස් වෙතින් සෘජුවම නියෝග ලබා ගනියි.

ඉන්පසුව සිටින්නේ මධ්‍යම ශ්‍රේණිය එනම් Middle order එකට අයත් පිරිසයි.

මධ්‍යම පෙළේ දේවදූතයන් ආත්මයන්ට මඟ පෙන්වමින් සහ පාලනය කරමින් මැවීමේ ස්වර්ගීය ආණ්ඩුකාරවරුන් ලෙස ක්‍රියා කරයි. වඩාත්ම ජ්යෙෂ්ඨ වන්නේ පහළ දේවදූතයන්ගේ රාජකාරි නියාමනය කිරීමේ කාර්යභාරය ඇති "ඩොමීනියන්" ය. මෙම දේවදූත ස්වාමිවරුන් මිනිසුන්ට භෞතිකව දැන හඳුනා ගැනීම අතිශයින් දුර්ලභ ය.

ඉන්පසුව සිටින්නේ Great Order හෙවත් ශ්‍රේෂ්ඨම දේව දූත කණ්ඩායමයි.

මෙහි සඳහන් Thrones කියන දේව දූත කණ්ඩායමේ කාර්ය වන්නේ දෙවියන් වහන්සේගේ සැබෑ අශ්ව රථ ලෙස ක්‍රියා කිරීමයි. දෙවියන් වහන්සේ ඔවුන් මත රැඳී සිටී. ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් දෙවියන් වහන්සේ ඉදිරියේම රැඳී සිටී. දිව්‍යමය යුක්තිය ඉටු කිරීම ඔවුන්ගේ කාර්ය වේ.

ඉන්පසුව Cherubim හෝ Cherubs කෙරූබ වරු.

ඔවුන්ගේ කාර්ය වන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානයට පැමිණෙන ඕනෑම පාපී කිළිටි වලින් හා දූෂණයකින් එය ආරක්ෂා කිරීමයි. උත්පත්ති 3:24 ට අනුව ආදම් ඒවා ඒදන් උයනෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ජීවන වෘක්ෂට යන පාර ආරක්ෂා කිරීමට දෙවියන් වහන්සේ ගිනිමය කඩුවක් සමඟ යොදවන්නේ මේ කෙරුබ් අරු කියන දේව දූත පිරිසයි.

දැන් අපි බලමු මේ දේව දූත ධූරාවලියේ ඉහළින්ම සිටින දේව දූතයින් වන Seraphim එහෙමත් නැති නම් සෙරාෆි දූතයින් ගැන.

ඔවුන්ව ප්‍රේමවන්තයින් ප්‍රේමයේ අය ලෙසද හඳුන්වයි. මේ කණ්ඩායමේ දූතයින් පියාපත් හයකින් සමන්විත වේ. එයින් පියාපත් දෙකකින් ඔවුන් මුහුණ වසාගෙන සිටී මොවුන් දෙවියන් වහන්සේගේ සමීපයේම සිටින දූතයින් කණ්ඩායමයි. ඔවුන්ට පමණක් දෙවියන් වහන්සේගේ සිංහාසනයට ඉහළින් පියාසර කිරීමට දෙවියන් වහන්සේ බලය ලබා දී ඇත. ඔවුන්ගේ කාර්ය වන්නේ දෙවියන් වහන්සේව නිරන්තරයෙන් මහිමයට පත් කිරීමයි. තවද ඔවුන්ව දෙවියන් වහන්සේගේ පුද්ගලික උපස්ථායක දූතයින් ලෙසද හඳුන්වයි. සේරාෆි දූතයින් දේව දූත ධූරාවලියේ ඉහළින්ම සිටීමට හේතුව වන්නේ දෙවියන් වහන්සේට ඉතා සමීප වීමයි. මොවුන් ගැන ශුද්ධ බයිබලයේ අවස්ථා කිහිපයක පමණක් සඳහන් වේ. ඉන් එකක් බයිබලයේ පුරාණ ගිවිසුමේ දිවැසිවර යෙසායා ට දෙවියන් වහන්සේ පෙන්වන එක්තරා දර්ශ්නයකදීය.

සෙරාප්වරු උන් වහන්සේ සිසාරා සිටියෝ ය, එක් එක් කෙනාට පියාපත් සය බැගින් තිබුණේ ය; දෙකකින් මුහුණු වසා ගත්තෝ ය, දෙකකින් ඇඟ වසා ගත්තෝ ය; දෙකකින් පියාසර කළෝ ය. (යෙසායා 6:2)

තව විශේෂම දෙයක් වන්නේ Fallen Angel නොහොත් වැටුණු දූතයා වන Lucifer (සාතන්) වද අයත් වන්නේ මේ සෙරාෆි දූතයින්ගේ කණ්ඩායමට කියා මතයක් ද ඇත..

ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා මම ලියපු දේ වල වැරදි මොනාහරි තිබුණොත් පහළින් ප්‍රතිචාරයක් දක්වා නිවැරදි කිරීමට කාරුණික වන්න මේ පිළිබඳව ඔබගේ අදහස් ද බෙදා ගන්න එසේනම් ඔබ සැමට ජේසු පිහිටයි!!!

සටහන - කැලිස්ටස් දිනේන්ද්‍ර