පෘතුගීසින් පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ කිතුනුවන් සිටි බවට සාක්ෂි – පළමු කොටස

පෘතුගීසින් පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ කිතුනුවන් සිටි බවට සාක්ෂි – පළමු කොටස
Photo by Sander Don / Unsplash

කොස්මස් ඉන්ඩිකොප්ලෙයුස්ටස් නමැති දේශ සංචාරකයාගේ වාර්තාව

ග්‍රීක ජාතික වෙළෙන්දෙකු හා යාත්‍රිකයෙකු වූ ඉන්ඩිකොප්ලෙයුස්ටස් විසින් ක්‍රි.ව. 535 දී පමණ සකසන ලද ග්‍රන්ථයෙහි එවකට කිතු දහම ඇදහූ පිරිසක් ලංකාවේ ජීවත් වූ බව සඳහන් වේ. ක්‍රි.ව. 1897 දී ජේ. ඩබ්ලිව්. මැකි්‍රන්ඩල් නමැත්තා විසින් ඉංගී්‍රසි භාෂාවට පරිවර්ථනය කරන ලද ඉන්ඩිකොප්ලෙයුස්ටස්ගේ ග්‍රන්ථය ක්‍රිස්ටියන් ටොපෝග්‍රැෆි (The Christian Topography) නමින් ප්‍රකාශයට පත්විය. පොත් දොළහකින් සමන්විත මෙම ග්‍රන්ථයෙහි නව වැනි පොතේ ඉන්ඩිකොප්ලෙයුස්ටස් ඉන්දියාව හා ලංකාව ගැන සඳහන් කරයි. මෙහි ලංකාව ගැන කතා කරමින් ඔහු මෙසේ පවසයි:

“තප්‍රොබේනය යැයි හඳූන්වනු ලබන දේශයේ එනම් ඉන්දියාවට ඔබ්ඛෙන් ඉන්දීය සයුරේ පිහිටි දූපතක කිතු දහම අදහන කිතුනු සංඝයක් වෙයි. ඔවුන්ගේ ආගමික කටයුතු සොයා බැලීම පිණිස පූජක පිරිසක්ද වෙති…….”
“…මෙම දූපතෙහි පර්සියානු කිතු බැතිමතුන්ගේ දේවස්ථානයක් ද වෙයි. මේ කිතුනුවෝ මෙම රටෙහි පදිංචිව සිටිති. ඔවුන් වෙනුවෙන් පර්සියාවෙන් පූජකවරයකු පත්කොට ඇත….(Topographia Christiana, English Translation by J.W. McCrindle, London, 1897, pp. 118-119)

ඉහත කෘතියෙහි මෙසේ සඳහන් වේ —

තප්‍රොබේනය යි හදුන්වනු ලබන දේශයේ එනම් ඉන්දීයාවෙන් ඔබ්බේ ඉන්දිය සයුරේ පිහිටි දුපතක කිතු දහම අදහන කිතුනු සංඝයක් වේයි. ඔවුන්ගේ ආගමික කටයුතු සොයා බැලිම පි‚ස පුජක පිරිසක්ද වෙති. (Topographica Christiana” English Translation by J.W.Mc Crindle- London” 1897, Pages 118-119)
ඉන්දියාවේ කිතු සසුන් ඉතිහාසය ලියු ජේ. හෝ නමැති ඉතිහාසඥයා කියන සැටියට ලක්දිව පුරාතනයේ ඇරඹී පර්සියානු කිතුනු නිකාය පෘතුගිසීන් පැමි‚ තෙක්ම පැවතුනේය. ඔවුන් සතු කිතුනු දේවස්ථාන පෘතුගිසීන් විසින් විනාශ කරන ලදි. ඒ වෙනුවට ඔවුහු අලූතින් දේවස්ථාන ගොඩනැගුහ. (A History of Christianity in India, J Hough, Volume III, book iv, Page 74 )

අනුරාධපුර කුරුසිය

ක්‍රි.ව. 1913 දී එවකට ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුර දරන ලද එඩ්වඩ් ආර්. අයර්ටන් මහතා විසින් පැරණි ඇතුළු නුවර ප්‍රදේශයෙහි සිදුකරන ලද පුරාවිද්‍යා කැනීමක දී පැරණි නිවසකට අයත් නටඹුන් අතුරින් කුරුසිය සලකුණ කැටයම් කරන ලද ග්‍රැනයිට් පාෂාණයෙන් කරවන ලද ශිලා ස්ථම්භයක් සොයා ගෙන ඇත.

1912-1913 පුරාවිද්‍යා කොමසාරිස්තැනගේ වාර්ෂික වාර්තාවේ දැක්වෙන පරිදි සිරස් අතට අඟල් 3 ¼ක් ද තිරස් අතට අඟල් 2 7/8ක් ද දිගින් යුත් මෙම කුරුසිය සලකුණ ආයත චතුරස්‍රාකාර පසුබිමක් තුළ පාෂාණය මත ගිල්වා තිබේ ( Devendra 1956 -85).

අයර්ටන් මහතාගේ අදහසට අනුව ගොඩනැගිලි සඳහා ගල් කුළුණු බහුලව ඇති නගරයට මෙම ගල් කුළුණ බැහැර ස්ථානයකින් නොගෙන්වන ලද අතර එය අනුරාධපුරයේම තිබූ ක්‍රිස්තියානි ආගමික ගොඩනැගිල්ලකට අයත් වූවකි. ක්‍රමයෙන් පටුවෙමින් ඉහළට නගින පාදමක් මත තාල පත්‍ර මධ්‍යයෙහි මෙම කුරුසිය කැටයම් කර ඇත. පර්සියානු කලාවේ ලක්ෂණ මතකයට නංවමින් කුරුසියෙහි අගිස් හතර පෙති තුනෙහි කොළයක ආකාරයට කැයටම් කර ඇත. ආචාර්ය දේවේන්ද්‍ර පෙන්වා දී ඇති පරිදි මේ කුරුසිය දේශීය කලාවෙහි නොදක්නා අංග වලින් අලංකෘත බව සැලකිය යුතු කරුණක් වේ (දේවේන්ද්‍ර 2007:83)

එය පර්සියානු ජාතික කිතුනුවන්ට අයත් බව පැරණි මතය යි. එසේ නම් ඒ කොස්මස් සඳහන් කළ කිතුනුවන් විය හැකිය. එහෙත් නූතන මතය වනුයේ ශ=ද්ධ වූ තෝමස් අපෝස්තුලුතුමාගේ ශ්‍රාවකයන්ට අයත් බව ය. අනුරාධපුර යුගයේ විසූ කිතුනුවන් හමුදා සේවය හා වෙළඳාම සඳහා ලංකාවට පැමිණි අය මිස ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි අය නොවිය හැකි ය. ඔවුන් ලංකාවට වෙළඳාම සඳහා පැමිණි පර්සියා ජාතික නෙස්ටෝරියානු කිතුනුවන් විය හැකිය.

මෙවැනි ම හැඩයෙන් යුත් කුරුස දකුණු ඉන්දියානු දේවස්ථානවල ඇත. කුරුසියේ හතර කෙළවර මලක ආකාරයට සකසා ඇත. දකුණු ඉන්දියාවේ ශු. තෝමස් තුමාගේ කිතුනුවන් භාවිත කළ කුරුසිය ද මෙවැනි හැඩයක් ගනී. කොළඹ ජින්තුපිටියේ මෙවැනි ම කුරුසියක් සහිත කුළුනක් හමු වී ඇත. අනුරාධපුර කුරුසියට සමාන ලක්ෂණ සහිත කුරුස රාශියක් ඉන්දියාවේ කේරළ ප්‍රදේශයෙන් සහ චෙන්නායි ප්‍රදේශ වල දක්නට ඇත. එම කුරුස අනුරාධපුර කුරුසියට ඥාතිත්වයක් දක්වයි.

මාන්තොට වරාය

අතීතයේදී ලක්දිව වරායන් අතුරින් මාන්තොට හෙවත් මන්නාරම වරායට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඈත අතීතයේ සිට ඉන්දියාව සහ සෙසු ආසියාතික රට වලින්ද, ග්‍රීසිය, රෝමය වැනි යුරෝපිය රටවලින් බඩු බාහිරාදිය රැගෙන ආ වෙළෙන්දන් ද ශ්‍රී ලංකාවේදී භාණ්ඩ ආයනයනය කිරීමට සහ අපනයනය කිරීමට ප්‍රධාන වෙළද මධ්‍යස්ථානයක් වුයේ මේ ප්‍රදේශය වේ. එම නිසා පෘතුගීසි ආගමනයට පෙරාතුව සිටම මෙහි කිතුනු විශ්වාසය පැවති බවට ලිඛිත මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක පැවතීම අප ලද භාග්‍යයකි.

ඒ අතුරින් මන්නාරම ප්‍රදේශයේ කැනීම් වලින් හමුවූ රෝම, පර්සියානු කාසි ද, වවුනියා ප්‍රදේශයෙන් හමුවූ පර්සියානු කිතුනු දේවස්ථානයක වූ බෞතීස්ම තටාකයද මිට කදිම නිදසුන් වන අතර , අනුරාධපුර රාජධානි සමයේ දී භාවිතා කළ ප්‍රධානතම වරාය මෙය වීමත් නිසා බටහිර ජාතිකයන් මෙන්ම වෙළදාම සදහා පැමිණි වෙළෙදුන් ද මේ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර මේ නිසාම ඔවුන්ගෙන් මෙහි කිතුනු විශ්වාසය ප්‍රථමයෙන් ස්ථාපිත වූ ප්‍රකාශ කළ යුතුමය. ලංකාවේ විසූ කතෝලිකයින් පිළිබඳව සාහිත්‍යාත්මක මූලාශ්‍රයගත තොරතුරු සෙවීමේ දී අපට විදේශීය මූලාශ්‍රයක සහය පැතීම සිදු වේ. කොස්මස් ඉන්ඩිකෝප්ලියුස්ටීස් නම් ග්‍රීක ජාතිකයාගේ මිට ප්‍රබල පදනමකි. Topographia Christiana නම් ග්‍රන්ථයෙහි මෙරට කතෝලික ජනපදයක් පැවති බවට තොරතුරු දක්වා තිබේ.

සීගිරි සමයේ සිටි මිගාර සෙන්පති


ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වු සෙනරත් පරණවිතාන මහතා “සීගිරිය” නම් කෘතියේ මෙසේ සඳහන් කර ඇත. කාශ්‍යප (ක්‍රි.ව. 473 – 491) හා මොග්ගල්ලාන (ක්‍රි.ව. 491 – 508) යන රජවරුන්ට සේවය කිරීමට 5 වන සියවසේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සෙබළුන් අතර ඉන්දීය කිතුනු හේවා භටයන් සිටින්නට ඇත. මිගාර නම් සෙන්පතියාගේ නායකත්වය යටතේ පැමිණි මෙම පිරිස කිතුනුවන් බව සඳහන් වේ. ධාතුසේන රජුගේ සොහොයුරිය වූ සංඝා කුමරිය විවාහ කරගෙන සිටි මිගාර නම් ඇමතියා ද දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට ගොස් එහිදී කතෝලික දහම වැළගත් අතර , ඔවුන්ගේ පුත්‍රයා වූ ක‚ෂ්ඨ මිගාර විවාහ කරගෙන සිටියේ ධාතුසේන රජුගේ දියණිය වන අතර,මෙකී මිගාර සෙන්පතියා විසින් ” අභිෂේක ජෛන ” උදෙසා මැදුරක් ඉදිකළ බව සදහන් වේ.

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව ” අභිෂේක ජෛන ” උදෙසා ඉදිකළ මැදුර ජේසූ සමිදුන් උදෙසා බව ප්‍රකාශ කරයි. මේ සමය වන විට දකුණු ඉන්දියානු ප්‍රදේශයන්හි කිතුදහම ව්‍යාප්තව පැවති බවට තිර කෙරෙන සාධක පවතියි. තවද මුගලන් රජු සමග පැමිණි මුරුන්ඩි සේනාව පදිංචි වුයේ ලංකාවේ වයඹ දිග ප්‍රදේශ වල වීම නිසා ඔවුන්ගේ ප්‍රබල දායකත්වය අනුවත් ලක්දිව කිතුදහමට ස්ථාවරයක් ලැබුණි. එය සීගිරි සමයේ මෙරට ක්‍රිස්තු භක්තිකයන් සිටි බවට වැදගත් සාක‍ෂියකි. මුගලන් රජ සමයේ භාවිත කළ කිතුනු ලාංඡන සහිත රන් කාසි හමු වී ඇත.

වවුනියා ප්‍රදේශය කැණීමෙන් හමුවූ බෞතීස්ම තටාකය

වවුනියා දිස්ත්‍රික්කයේ කැණීම් කටයුතු සිදු කිරීමේදී ඉපැරණි දේවස්ථානයක තිබූ බවට සැලකෙන බෞතීස්ම තටාකයක් සම්බ විය. තවද ඒ අවට ප්‍රදේශයේ තවද රෝම, පර්සියානු කාසි ද හමුවීම නිසා අනුරාධපුර සමයේ කිතුනුවන් සිටි බවට ප්‍රබල සාක්ෂියකි. ඒ අනුව ඓතිහාසික වශයෙන් ලක්දිව දේවස්ථානයක් ස්ථාපිත ව පැවති බවට අපට හමුවන ප්‍රබල පුරාවිද්‍යාත්මක සාධකයකි.

අබුසයිද්ගේ වාර්තාව


අබුසයිද්ගේ සටහන් වල (ක්‍රි.ව. 911) —ලංකාවේ එවකට සිටි රජුගේ ඇමති මණ්ඩලයේ කිතුනුවන් හතර දෙනකු සේවය කළ බව දැක් වේ.

බෙන්ජමින් රබායිගේ වාර්තාව


බෙන්ජමින් රබායිගේ සටහන් අනුව 12 වන සියවසේ ලංකාවේ ජුදෙවු ක්‍රිස්තියානින් 2300 වු දෙනෙකු පමණ ද, පූජකවරුන් සිටි අතර දේවස්ථාන ද තිබිණි.

සටහන – අසේල දසනායක