ඇල්බිජෙන්සියානූ වාදයට නොදෙවෙනි මූලධර්මවාදය හා දිව්‍ය අසිපත

ඇල්බිජෙන්සියානූ වාදයට නොදෙවෙනි මූලධර්මවාදය හා දිව්‍ය අසිපත
Photo by Shelagh Murphy / Unsplash

☣️            12 වන සියවස තුල යක්ශයාගේ  මෙහෙයවීමෙන් නව ධර්මයක් ලෙස ඇල්බිජෙන්සියානූ වාදය බිහි විය.ඔවුන්ගේ ඉගැන්වීම වූයේ ආත්මීක සියල්ල යහපත් බවත් මාංශීක සියල්ල පාපයන් බවත්ය .ඔවුහු, ශරීරය  යනු ආත්මය සිරකරගෙන සිටින මාංශීක සිරකුටියක් ලෙස ප්‍රකාශ කලහ.සියදිවිහානි කරගැනිමෙන් ආත්මය මුදා හැර මිනිසාට විමුක්තිය අත්කර ගැනීමට හැකිවන බව ඔව්න්ගේ විශ්වාසය විය.දෙවියන්වහන්සේගේ මාංශගත වීම ඔවුන්ගේ චින්තනට අනුව පාපයක් විය.එම නිසා එකල කතෝලික සභාවට මොවුන්ගෙන් දැඩි තර්ජනයක් එල්ලවන්නට විය.තවද විශාල වශයෙන් ක්‍රිස්තියානින් ඇල්බිජෙන්සියානූ වාදය වැලඳගත්හ.වර්තමාන ඉස්ලාම් අන්තවාදීන් මෙන් ඇල්බිජෙන්සියානූවන් ක්‍රිස්තියානින් හා යුධ වැදුනෝය.🔥🔥🔥

☣️       එවකට සිටි ඉහල දේවධාර්මික ඥානයක් හා චතුර් වාග් ශෛලියක් හිමි වූ ශු.දොමිනික් තුමා මෙම ඇල්බිජෙන්සියානූ වාදයට විරුද්ධව නැගී සිටියේය.නමුත් එතුමාගේ සියලු ශක්තීන් නිශ්ප්‍රභා කරමින් මිනිසුන්ගේ හදවත් ගල් මෙන් නොවෙනස්ව පැවතිනි.මෙවිට දොමිනික් තුමා ස්වර්ගයේ පිහිට පැතුවේ ඔහුට අන් පිලිසරණක් නොතිබූ හෙයිනි.

☣️         දින ගණනක උපවාසය හා නොකඩවා යාච්ඥා කිරීමෙන් අනතුරුව එක් දිනක් දේවමාතාවන් වහන්සේ එතුමාට ජීවමානව දර්ශනය විය.ඕ තුමි එතුමාට පැවසුවේ "මාගේ යාතිකාව දේශනා කරන්න( 🌹preach my psalter🌹 )" යනුවෙනුයි.(එකල ජපමාලය හැඳින්වූයේ දේවමාතා යාතිකාව ලෙසයි[Marian Psalter ]).ඕ තුමී දොමිනික් තුමාට මෙනෙහි කිරීම සඳහා එවකට වඩාත් අභියෝගයට ලක්ව තිබූ ජේසුස් වහන්සේගේ ✝️උපත,✝️දුක් විදීම මරණය හා ✝️උත්තානය යන සිද්ධීන් වලට අදාල අභිරහස් 1️⃣5️⃣ ලබා දෙනු ලැබිනි.මෙම අභිරහස්  ♻️"මෙනෙහි කිරීම"♻️ දේශනා කල  දොමිනික් තුමා මහත් ආශ්චර්යන් දුටුවේය..

☣️        එනම් ගල් වන් සිත් ඇත්තන්ගේ හදවත් මෙලෙක් වී නැවත සත්‍යාගම කරා පැමිනීමයි.ශු.දොමිනික් තුමා සිදුකලේ අභිරහස් මෙනෙහි කිරීමෙන් ජපමාලය උච්චාරණය කිරීමත්, ජපමාලය දේශනා කිරීමත් පමණි.ජපමාලය තුල ඇති අප ගැලවුම්කාරයානන්ගේ අභිරහස් තුලිනුත්, නමෝ මරිය යාච්ඥාවේ තිබූ දේව වචනයත් ඒ මිනිසුන්ගේ හදවත් විනිවිද ගොස් විමසීමකට ලක් කලේය.ස්වාමින් වහන්සේගේ වචනය වාත්තු කල එම දිව්‍ය අසිපතින් යක්ශයා පරාජය විය.නමුත් යක්ශයා ඔබමොබ සැරිසරන සිංහයකු මෙන් ගොදුර ඩැහැගැනීමට නැවත අවස්ථාවක් ලැබෙන තුරු ඉවසීමෙන් බලා සිටී.

✝️👉" සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය. (1පේදුරු 5:8)"👈✝️

☣️                 යක්ශයාගේ මොහොත පැමිනි ඒ අඳුරු 16 වන සියවසේ මාටින් ලූතර් නම් කතෝලික පූජකයා සභාව දෙකඩ කරමින්  සභාව හැරගියේ ඔහුට තිබූ අඩු ධර්මාවබෝධය නිසාවෙනි( මෙහි අදහස් කරන්නේ ධර්මය අවබෝධ කරගැනීම මිස ඔහුගේ දැනුම් පරාසය නොවන බව තේරුම් ගන්න).බයිබලය පමණක් සෑහෙන බවත් සභා සම්ප්‍රදාය අවශ්‍ය නොවන බවත් පවසා ඔහු මුලින්ම සිදු කලේ දේවමාතාවන් වහන්සේව ජවනිකාවෙන් ඉවත් කිරීමය.මරියෝත්තමාවන්ගේ දේවමාතෲත්වය ශු.බයිබලයේ "මහප්‍රාණෙන්"  ලියැවී තියෙද්දී කිසිදු පැකිලීමකින් තොරව ඔහු දේව මාතාවන් ප්‍රතික්ශේප කලේය.

✝️👉"මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? (ශු. ලූක්   1:43)"👈✝️

☣️             එදා සේනාකුලු ශාලාවේ ශුද්ධාත්මයානන් වඩින තෙක් බියෙන් වෙව්ලමින් සිටි ගෝලයන් බෙදී නොයනු පිනිස තම මව් තුරුලේ හොවා ඔවුන් දිරි ගන්වමින් එකට එකතු කරගෙන සිටියේ දේවමාතාවන් වහන්සේ ය.16 වන සියවසේ ඕ තුමියගේ ග්‍රහනයෙන් මිදී ගිය පිරිස ඒකීය සභාවකින් මිදී, තමන්ට සිතැඟි පරිදි සබාවන් නිර්මාණය කරගත්තෝය.අද ලෝකයේ කතෝලික නොවන මූලධර්මවාදී සභා 20000ක් පමණ ඇත.  ⛔මූලධර්මවාදීන් යනු සභාවේ මූලධර්මයන්  බයිබලය අනුසාරයෙන් විකෘති කරන්නා වූත් සභා ඉතිහාසය විකෘති කරන්නාවූත් පිරිසකි⛔. වර්තමාන මූලධර්මවාදීන් මාටින් ලූතර්ට හපන්ය.කතෝලික සභාව ජේසුස් වහන්සේ නැවත පැමිනෙන තෙක් පේදුරු තුමන් මත ගොඩනැගූ බව ප්‍රොතෙස්තන්ත්‍ර විශාරදයින් පිලිගත්තතද මූලධර්මවාදීන් එය පිලි නොගනී.

☣️         එලෙස බිහිවුනු මූලධර්මවාදී සභා ශු.ත්‍රීත්වය පවා විකෘති කර සමාජය රවටයි.විශේශයෙන් යොහෝවා විට්නස්, සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස්ට්, මෝර්මන් වැනි සභා අතිශය බියකරුය.මන්ද ඔවුන් සතුව ඔවුන්ටම ආවේනික වූ විකෘති බයිබලයක් ඇත.මොවුන්ගේ ඉගැන්වීම්ද අතීතයේ ඇල්බිජෙන්සියානූ වාදය සිහි ගන්වයි.

☣️          මූලධර්මවාදීයාගේ භයානකත්වය හොඳින්ම පෙන්විය හැකි කාරනාව වන්නේ ඔවුන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ප්‍රතික්ශේප කිරීමයි.මනුශ්‍යාගේ ආත්මික ආහාරය මෙන්ම සදාතනික ජීවිතයේ බලාපොරොත්තුවද ඔවුන් විනාශ කර දමයි.

✝️👉" ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය''යි වදාළ සේක.(ශු. ජොහාන්  6:51)"👈✝️

☣️                දේවමාතෲත්වය  ප්‍රතික්ශේපය,    සාන්තුවරයන්ගේ මැදිහත් බවේ ප්‍රතික්ශේපය,පාපොච්චාරණය ,කතෝලිකයන්ගේ රූපවන්දනාව යන ප්‍රකාශ මොවුන්ගේ ප්‍රනීත මාතෘකකා වේ.නමුත් ♻️" වන්දනාව හඳුන්වන්න?"♻️ යන සරල පැණයට වත් ඔවුන්ට පිලිතුරු නැත.මොවුන් පසුපස යෑමෙන් සිදුවන්නේ අවසානයේ සදාතනික ජීවිතයද අහිමි කර ගැනීමකි.මොවුන්ගේ තර්කයට අනුව බලන කල බයිබලයේ බොහෝ තැන්හී පරස්පර විරෝධීතා ඇත.ඒවා පිලිබඳව විමසූ විට ලැබෙන්නේ සාප හා තොපි පවුකරුවන් සිත් හරවා ගනිල්ලා,දෙයියන්ගෙන්ම අහන්න ,වැනි හුරතල් පිලිතුරුය .

☣️          අද මුහුණුපොතේ මූලධර්මවාදීන් සමඟ කරන විවාද වලදී ඔවුන්ට පිලිතුරු දී ගත නොහැකි අවස්ථා වල ඔවුන් විලි වසා ගන්නේ HA HA( 😆 )රිඇක්ට් එක භාවිතා කරමිනි.මේ පෝස්ටුවට ඇති HA HA (😆) React  මඟින්ද මූලධර්මවාදීන් ඔබට පුද්ගලයන් වශයෙන් වෙන්කර හඳුනාගත හැක.මාක් සහෝදරයා ඔවුන්ගේ හිතසුව පිනිස එම react එක ලබා දුනිදැයි විටක සිතේ.නැතිනම් ඔවුන්ට  තමන්ගේ දෑත පවා විලි වසාගැනීමට ප්‍රමාණවත් නොවනු ඇත.මොවුන් දිනකට තෙවරක් කෑමට පෙර බයිබල් පාඨ කටපාඩම් කරන නිසා බොහෝ බයිබල් පාඨ මොවුන්ගේ මතකයේ ඇත.නමුත් ඒවායේ කිසිඳු සංදර්භයක් නොමැත.

☣️       හොඳම විහිලුව වන්නේ දේවවචනය දැන් ජයටම යන බිස්නස් එකක් වීමය.කස්ටමස්ලා රඳවා ගැනීමට මැජික් පෙන්විය යුතුය.පසුගිය දින වල කොරෝනාවට බෙහෙත් පිනිස දේවාසිරි පැතූ පානයන් මුදලට අලෙවි වූ බව ප්‍රසිද්ධ කාරනාවකි .

✝️👉" මක්නිසා ද බොරු ක්‍රිස්තුවරයන් ද බොරු දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත් අය මුළා කරන පිණිස හාස්කම් හා අරුමපුදුම දේ දක්වනු ඇත.(ශු. මාක්  13:22)"👈✝️
තවත් සමහරු ඒන්ජලික් දොස්තරලාය.ඕනෑම රෝගයක් සුවකරනු ලබන බව පවසන දේවමෙහෙයන් සුලබය.

✝️👉"එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළ සේක: ''යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා! (ශු. මතේව්  16:24)"👈✝️

☣️            ඉහත ඇති ආකාරයට ජේසුස් වහන්සේ වදාල වචනය අමතක වන තැනට වැඩ සලස්වා ඇත.සමහරු ශුද්ධාත්මයානන් ගේ බලයෙන් දුරකථන පවා චාජ් කරති.මෙය මහා වියවුලක් බවට පත්ව ඇත.

✝️👉"ප්‍රේමවන්තයෙනි, තමන්ට ආත්මයාණන් ඇතැ යි කියන හැම කෙනෙකු ම විශ්වාස නොකොට, ඔවුන්ට ආත්මයාණන් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගෙන් දැ යි පරීක්ෂා කර බලන්න. එසේ කියන්නේ, බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙකු ලෝකයේ විසිර ගොස් සිටින නිසා ය. (1 ජොහන්  4:1)"👈✝️

☣️              ඔවුන් මේ සියල්ල සිදුකරන්නේ ඔවුන්ගේ ජීවනොපාය සඳහා මිස මිනිසුන්ට ඇති ආදරයකට නොවන බව තේරුම් ගත යුතුය.හොඳම උදාහරනය වන්නේ පාස්කු ප්‍රහාරයෙන් විනාස වී ගිය සියොන් දේවස්ථානය ගොඩනැගීමට, කාදිනල් තුමා විසින් දුන් ලක්ෂ 50 ක මුදල රැගෙන දේවගැතිවරයා කැනඩා පැනීමේ සිද්ධියයි.තවද අදේවවාදීන් කිතුදහම හාස්‍යට ලක් කරන හේතු වලින් 90% ක්ම හේතු වන්නේ මේ මූලධර්මවාදීන්ගේ ක්‍රියාවන් වේ.මේ සියල්ල මෙහෙයවන්නේ යක්ශයාය.මූලධර්මවාදීන් ප්‍රතික්ශේප කිරීම අපගේ වගකීමය.

☣️        කතෝලික සභාව හා මූලධර්මවාදී සභා සසඳන විට දෙකෙහි කිසිඳු වෙනසක් නැති බව ඔබට පෙනෙනු ඇත.🤔මන්ද අදහන්නේ එකම දෙවියන්වහන්සේය.🤔ගැලවීම අත්කර දෙන්නේ ජේසුස් වහන්සේය.🤔මෙහෙයවන්නේ ශුද්ධාත්මයානන් වහන්සේය.🤔උපුටා ගැනීම් සිදුවන්නේ දේව වචනයෙන්ය.මතක තබා ගන්න සාතන් දේවදූතයකු මෙන් පැමිනෙයි.

✝️👉"13 එබඳු අය ව්‍යාජ ප්‍රේරිතවරයෝ ය, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයන් මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය. 14 එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි. 15 ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.(2 කොරින්ති 11 : 13-15)"👈✝️

🌴🌴පොල් වත්තක පොල් ගස් පෙනෙන්නේ එකම ආකාරයටය.හැගෙන්නේ එකම ඵලදාවක් ලැබෙයි කියාය.නමුත් ගොබය පොල් කුරුමිනියන් හෑරූ පොල් ගස්  හොද ඵලදාවක් දෙන්නේ නැත.එය දැනගැනීමට ඔබ ගස සමීපව විමසිය යුතුය. නැතිනම් දරුණු සුලි සුළගක් පැමිනෙන තුරු සිටිය යුතුය.එලෙසම සත්‍ය සභාවක් විමසන විට ඔබට හරි මාර්ගෝපදේශයක් තිබිය යුතුය.🌴🌴

☣️         දුකට කාරනය නම් මේ විනාශයට කතෝලිකයාගේත් දායකත්වයක් ඇත.ඒ ඔවුන්ගේ ඇල්මැරුනු ආත්මීක ජීවිතයයි.⚠️️අද පවුල් ජපමාලය කරන්නේ කීයෙන් කී දෙනාද?⚠️️උපවාසයෙන් පවිකරවන් වෙනුවෙන් යාච්ඥා කරන්නේ කී දෙනාද?⚠️️මෙවැනි මූලධර්මවාදීන්ට විරුද්ධව කතා කරන්නේ කී දෙනාද? මොහොතක් සිතන්න අප මුලු ලෝකයම දිනා ගත්තත් අවසානයේ ආත්මය නැති කර ගතහොත් ඉන් මොන ප්‍රයොජනයක්ද?

☣️         ජපමාලය යනු දැඩි සිත් මෙලෙක් කරන ,ඇබ්බැහිවීම් සුනු විසුනු කර දමන,නොමග ගියවුන් හරි මග ගෙන්වන ස්වාමීන් වහන්සේගේ බලවත් අසිපතයි💪.
ඔබට මූලධර්මවාදීන් සමඟ තර්ක කිරීමට තරම් දැනුමක් නොතිබිය හැක.නමුත් ඔවුන් හා  උරෙනුර   ගැටෙන උන්   වෙනුවෙන් එක් 🙏නමෝ මරියක්🙏 උච්චාරනය කල හැක.එය ඔවුන්ට මහඟු ආශිර්වාදයක් වනු ඇත.

☣️            ස්වර්ගයට අධිවේගී මාර්ගය දිව්‍යසත්ප්‍රසාද වහන්සේය.එහි මාර්ග සලකුනු වන්නේ දේවමාතාවන් වහන්සේය.එදා කානානුවර මගුල් ගෙදර සේවකයන්ට පැවසුවා සේ ඇය " මෙතුමානන් කියන කවර දෙයක් වුවද කරන්නැයි" පවසා ජේසුස් වහන්සේ වෙත අප  යොමු කරනු ඇත.ඕ තුමිය පොලවේ දර්ශනය වූ සෑම තැනම පැවසුවේ මෙතැන දේවස්ථානයක් ඉදිකරන ලෙස මිස මාගේ ප්‍රථිමාවක් සාදා එයට  වැඳනමස්කාර කරන ලෙස නොවේ.මන්ද ජේසුස් වහන්සේ දිව්‍යසත්ප්‍රාදය තුල ජීවමාන වන්නේ දේවස්ථානයක් තුල බව ඕ තුමී දන්නා නිසාය.ඔබත් ජපමාලය අතට ගන්න .දිව්‍යසත්ප්‍රාද වහන්සේ ලබා ගන්න. දුටු තැන මූලධර්මවාදීන් ප්‍රතික්ශේප කරන්න.සාතන්ට ඔබව රැවටීමට ඉඩ නොදෙන්න.✝️
🙏ජේසු පිහිටයි.🙏

  • Tharindu Malshan