ජේසූ එක්ක විරාමයක්...

ජේසූ එක්ක විරාමයක්...

මම : ජේසුනී මට හරිම විඩාබරයි...

ජේසූ : පුතේ මං ඔයාට ගොඩක් ආදරෙයි මං ආස ඔයා මට තව ලං වෙනවට පුතේ ඒ ඔයා දැන් ටිකෙන් ටික මගෙන් ඇත් වෙනවා පුතේ...

මං දන්නවා  පුතේ ඔයාට මහන්සි කියලා මං බලන් ඉන්නේ ඔයා එනකන් ඒත් තාම ඔයා මාව හොයන් ආවේ නෑ පුතේ...

මම : අනේ මට මැරෙන්න හිතෙනවා...

ජේසූ : මගේ රත්තරං පුතේ ඔයාව මට වටිනවා මං  ඔයාට ලස්සන ජීවිතයක් දුන්නේ නැති කරගන්න නෙවේ ලස්සනට ජිවත් වෙන්න , පුතේ ඔයා දන්නවද මරණය ඔයාට තීරණය කරන්න බෑ ඔයාව යම්කිසි කැදවීමකට මේ ලෝකෙට එව්වේ ඔයා ඒ දේ කරන්න ඕනේ. පුතේ ජීවිතේ ප්‍රශ්න එනකොට ඇයි ඔයා මගෙන් ඈත් වෙන්නේ එන්න පුතේ ලගට ඔයාට මගේ ආදරේ සෑහෙන්න තියෙනවා...

මම : ජේසුනී මං තනි වෙලාද...

ජේසූ : නෑ පුතේ කවදාවත් ඔයා තනි වෙලා නෑ ඔයාට තනි වෙන්න ඉඩ දෙන්නෑ මං පුතේ,  ඔයා නොදැක්කට ඔයා ලග මං හිටියා ඔයාගේ ඉස්සරහෙන් පිටිපස්සෙන් දෙපසින්ම මං චුට්ටක්වත් ඔයාව අත ඇරිය නෑ නපුරා ඔයාව වටලන්න එනකොට මං ඌව විනාස කරා....

මම : ජේසුනී ඇයි මාව මේ ලෝකෙට එව්වේ...

ජේසූ : පුතේ ඔයාව මං මේ ලෝකෙට එව්වේ ඔයාව මට වටින නිසා අනිත් හැමදේටම වඩා මට මගේ පුතාව වටින නිසා මගේ පුතාට වෙනම කැදවීමක් තියෙන නිසා....

මම : ජේසුනී මට තව යන්න බෑ......

ජේසූ : පුතේ ඔයා යන්න ඕනේ ඉස්සරහට ඔයා මගේ පුතා එදා කුරුසය මං ඔසවාගෙන යනකොට තුන්පාරක් වැටිලත් මං ඒ ගමන් ගියා ඒ ඔයාට ආදරේ නිසා මගේ පුතේ ජීවිතේට ප්‍රශ්න එන්න එන්න තමයි ජිවිතේ ලස්සන වෙන්නේ ගග උනත් ලස්සන ගලාගෙන යනකොට ඒත් පුතේ ගග බාදක ගොඩක් මැද ඉදිරියට යන්නේ  මගේ රත්තරං පුතාට පුලුවන් ඉදිරියටම යන්න මං පුතා එක්ක ඉන්නවා

මං පුතාගේ ජේසූ ❤️

සටහන - : අචිනි ප්‍රේමින්දිනී ✍️

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව