දහවන සියවස තුළ කිතුනු සභාව

දහවන සියවස තුළ කිතුනු සභාව

තාපස ක්‍රමයේ සිදූවූ ප්‍රතිසංස්කරණයන් ප්‍රධාන හේතු වුයේ දහ වන සියවසේ දී පමණ රෝමයේ හා පෙරදිග කිතුනු සභා සංවිධානය පිරිහීමකට ලක්වූ අතර මේ නිසා සභා පරිපාලනයේ ඉහළ සිට පහළ දක්වාම ප්‍රතිසංස්කරණයක් සිදූ කිරීමට තිබූ අත්‍යාවශ්‍යතාවය. සිමෝනියාව (Simony)  නැතහොත් ශුද්ධවු දේ විකිණීමට හා මිලදී ගැනීමට පුරුදූව සිටීයෝය. සභාවේ දේපල, තනතුරු, සක්‍රමේන්තු හා ශුද්ධවන්තයන්ගේ අවශේෂ මෙලෙස විකිණූ හා මිලයට ගත් දේවල් අතර වේ. කිතුනුවන්ගේ හා සභා පාලකයන්ගේ නූගත්කම, ලෞකිකකරණයවූ ජීවිත පැවැත්ම හා සභාව හා රාජ්‍යය පාලනත්‍රන්තය අතර පැවති කිට්ටු, අහිතකර බැඳීම. සභාව දේශපාලනකරණය වීම නිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස එවකට පැවති යුරෝපීය රාජ්‍යයන්ගේ හා බලවේගයන්ගේ අරමුණු ඉටුකරන අතකොලු බවට පත්වීය. ශුද්ධෝත්තම පියතුමා සතුව පැවති අධිකාරී බලය සීමාසහිත වීම හා එය පරිහානියකට ලක්ව පැවතුණු අතර අයතා ලිංගික ඇසුරන් හී යෙදීම දක්නට ලැබුණි.

මෙය සභාවේ ආධ්‍යාත්මිකත්වය පිරිහෙමින් පැවති සමයකි. පාප්තුමා සතු නිලබලය රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන නිලතල වලට පත්ව සිටි නොසුදූසු රෝම රදළවරුන් විසින් පාලනය කරනු ලැබූහ. එයට උදාහරණයක් නම් දොළොස්වන ජෝන් පාප්තුමාය (ක්‍රි.ව. 955-964). ඔහු බොහෝ ලෙස පිරිහුණු පාප්තුමකුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙවියන් වහන්සේ කතෝලික සභාවේ පාලනය පළමු ඔට්ටෝ නමැති ජර්මානු ජාතිකයින්ගේ පළමු රෝම අධිරාජ්‍යයාගේ අතට පත්වන්නට සැළසූ සේක. ඔට්ටෝ ඇතුලු ඔහුගෙන් පසුව පැමිණි අධිරාජ්‍යවරුන් කතෝලික සභාව තම අධිරාජ්‍යය තුළ සැලැස්මක් ස්ථාපිත කිරීමට ආයුධයක් කර ගත්තේය. මෙහිදී අධිරාජ්‍යවරුන් තමන්ට කැමති ලෙස ගිහි ජනතාව සභාවේ නිලතල වලට තෝරාගත් අතර සභාවේ රදගුරුවරුන් හා පාප්තුමන්ලා පත්කිරීම ද ඔවුනට කැමති ආකාරයෙන් සිදූ කළහ. නමුත් දේව වරප්‍රසාදය තුළ මෙලෙස ජර්මානු අධිරාජ්‍යවරුන් විසින් පත්කරන ලද පාප්තුමන්ලා ඉතා යහපත් හා චරිතවත් අය වූහ. උදාහරණයක් ලෙස මෙසේ පත්වූ දෙවන සිල්වෙස්ටර් පාප්තුමා (ක්‍රි.ව. 999-1003) සඳහන් කළ හැකිය. ඔවුන්ගේ පිහිට එවකට පැවති බටහිර සභාවේ උන්නතියට හේතු විය.

Baptism of Vladimir by Viktor Vasnetsov

තාපස ජීවිත ක්‍රමය තුළ ඇතිවූ නව ප්‍රතිසංස්කරණයන් මෙකල සභාවේ ඇතිවූ පුනරුදයට මහත්සේ දායක විය. ප්‍රංශයේ ක්ලුනි යන ස්ථානයේ ක්‍රි.ව. 910දී ආරම්භවූ තාපසාරාමය මෙහිදී ප්‍රධාන තැනක් ගනී. ක්ලුනි තාපස නිකාය අනෙකුත් බෙනදිකාන තාපස නිකායන්ගේ වෙනස් විය. බෙනඩිකාන තාපසාරාම ඉතා නිදහස් ලෙස කටයුතු කළ අතර ක්ලුනි තාපසාරාම ප්‍රධාන තාපසාරාමය හා ඉතා දැඩිව බැඳී පැවතුණි. එක් එක් තාපස නිවෙස් හෝ තාපසාරාම බාරව සිටි තාපසවරු ක්ලුනීහී තාපසාරාමාධිපතිට යටහත් පහත්ව සේවය කළහ. මෙම කුඩා තාපසාරාම වල නායක තාපසවරුන් වසරක් පාසා ක්ලුනීහී තාපසාරාමාධිපති තුමා හා එක්ව සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම තාපස නිකාය අනෙකුත් බෙනදිකාන තාපස නිකායන්ට පවා අදර්ශයක් වූ නිසාම ක්‍රි.ව. 1016 දී එවකට සිටි ශුද්ධෝත්තම පියතුමා වූ අටවන බෙනදික් විසින් ක්ලුනි තාපස නිකායට තවදූරටක් ව්‍යාප්ත වන්නට ඉඩකඩ සලසා දෙන ලදී. පසු කලෙක මෙවුන් ද යාච්ඤාවට මෙන්ම කය වෙහෙසා වැඩකිරීමට ද වැඩි තැනක් දූන්හ. ක්ලුන් තාපසාරාමය පසුව යුරෝපයේ පැවත් ඉතා ධනවත්ම තාපසාරාමය බවට පත්විය.

තාපසවරුන් තම ඇබට්වරු නැතහොත් නිකායේ ප්‍රධාන නායකයාව පත්කර ගත් අතර ඔහු පාප්තුමන්ට පමණක් දෙවැනි විය. ගිහියන්ට එහි කිසිම බලයක් නොවීය. ක්ලුනි තාපසාරාමයේ යහපත් ක්‍රියාකාරිත්වය නිසාම බොහෝ රදගුරුවරු සහ කුමාරවරු (කාර්දිනල්වරු) තම තමන්ගේ පදවි වලද ඔවුන්ගේ තාපසාරාම පිහිටුවන ලෙස ඉල්ලා සිටියහ. මේ අතර නෙදර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය, එංගලන්තය හා ජර්මනිය වැනි රටවලින් ක්ලුනිවරුන්ට ආරාධනා ලැබිණි. ක්ලුනිවරුන්ගේ ප්‍රතිසංස්කරණයන් අන් තාපසාරාම වලද ප්‍රතිසංස්කරණයන් ඇති කිරීමට හේතුවූ අතර නව තාපස ජීවිත ක්‍රම ඇතිවීම කෙරෙහිද බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශුද්ධවු රොමොල්ඩ් මුනිතුමන් විසින් ආරම්භ කළ කැමල්ඩොලේස් තාපස ක්‍රමය හා ශුද්ධවු බ්‍රෘනෝ මුනිතුමන් විසින් ආරම්භ කළ කාර්තූෂියන් තාපස ක්‍රමය විශේෂ තැනක් ගනී. මෙම පුනුරුදය කතෝලික සභාවේ නවෝදයක් ඇති කළ අතර ක්‍රි.ව. එකොළොස්වන සියවසේදී තාපසාරාමයන් සභාවේ මෙම නවෝදය ඇතිකිරීමට ඉවහල්වීම නිසා බොහෝ තාපසවරුන්ව තාපසාරාමයන්ගෙන් ඉවත්කොට විවිධ පදවි වලද නවෝදයක් ඇතිකරන අටියෙන් එම පදවි වල රදගුරුවරුන් ලෙස පත්කරන ලදී. පාප්තුමාගේ මගපෙන්වීම යටතේ ගොඩනැගුණු ක්ලුනි තාපස නිවෙස් පාප්තුමාගේම ආධ්‍යත්මික හා සදාචාරාත්මක අධිකාරයද නව පණක් දූන්නේය. ඉතිරි සියවස් දෙක තුළ පාප් ධූරයට පත්වූ හත්වන ග්‍රෙගරි, දෙවන උර්බාන් හා දෙවන පාස්කල් යන අය මූලිකව ක්ලුනි තාපස නිකායිකයන් වූහ.

ඉහතකී හේතූන් මත ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය කාදිනල්  හිල්ඩෙබ්‍රෑන්ඩ්න් විසින් ආරම්භ කරන ලදී. සභා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය පහදාදෙමි ශු. පීටර් ඩේමියන් තුමා පවසා සිටියේ " රෝම සභාව තම වැරදි මාවත් වලින් හැරී නොඑන්නට මුලු ලෝකයාම වරදට වැටෙනු ඇත. මේ නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ආරම්භ විය යුත්තේ රෝමයෙනි. මන්ද රෝමය වනාහී මානව ගැලවීමේ මුල් ගලයි..." යන්නයි.

ක්ලුනි ප්‍රතිසංස්කරණයන්


මධ්‍යයතන යුරෝපය තාපසාරාම ඉතිහාසයේ ප්‍රධාන තැනක් හිමිකර ගනී. කිතුනුවන් හා කිතුනු ධර්මය පරිහානියකට පත්වෙමින් තිබූ කාලවකවානුවක ඔවුන් හට උගන්වමින් හා ශිෂ්ඨාචාර සම්පන්න කරමින් සභා ජීවිතය ප්‍රතිසංස්කරණය කිරීමට උරදූන්නේ තාපසවරුන්ය. පසු කලෙක මෙම තාපස ජීවිතය පවා පරිහානියට පත්විය.

දහ වන සියවසේ දී පමණ ආරම්භ වූ ක්‍රියාකාරී ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ක්ලුනි තාපස නිකාය හැඳින්වේ. පළමු වන විලියම් නැමැති ආධිපාද තුමා විසින් මෙම ප්‍රංශයේ ක්ලුනිහී පිහිටි තාපසාරාමය ක්‍රි.ව. 910 දී ආරම්භ කරන ලදී. එහි පළමු තාපසාරාමාධිපති වූයේ බෙර්නෝ (Berno) නැමැත්තෙකි. පළමු වන විලියම් ආධිපාද තුමා මෙම තාපසාරාමය එවකට සිටි තුන්වන සර්ජියස් ශුද්ධෝත්තම පියතුමා බාරයේ තබන ලදී. මෙම තාපසාරාමයට ආධිපාද තුමා බර්ගුන්ඩි ප්‍රදේශයේ තමා සතුව තිබූ දඩයම් භුමියෙන් කොටසක් ප්‍රදානය කරන ලදී. ක්ලුනි තාපස නිකායේ මූලික අරමුණ වූයේ එවකට පැවති, නමුත් පරිහානියට පත්වෙමින් තිබූ ශු. බෙනදික් තුමා විසින් හඳූන්වාදූන් තාපස ජීවියේ නීති රීති ඉතා දැඩි ලෙස ආරක්ෂා කිරීමයි. මේ අනුව දහ වන සියවසේ දී ක්ලුනි තාපස නිකාය යුරෝපයේ ඉතා ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගෙන තිබිණි. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ යාච්ඤාවයි. මෙම තත්ත්වය දොලොස් වන සියවස දක්වා ඔවුහු ආරක්ෂා කරගෙන සිටියහ. නමුත් පසුව ක්‍රි.ව. 1790 දී පමණ එනම් ප්‍රංශ විප්ලව කිලයේ දී ක්ලුනිහී තාපසාරාමාධිපති තුමාව පන්නා දමා එම තාපසාරාමයත් විනාශ කර දමන ලදී.

ක්ලුනි තාපස නිකාය අනෙකුත් බෙනදිකාන තාපස නිකායන්ගේ වෙනස් විය. බෙනදිකාන තාපසාරාම ඉතා නිදහස් ලෙස කටයුතු කළ අතර ක්ලුනි තාපසාරාම ප්‍රධාන තාපසාරාමය හා ඉතා දැඩිව බැඳී පැවතුණි. එක් එක් තාපස නිවෙස් හෝ තාපසාරාම බාරව සිටි තාපසවරු ක්ලුනීහී තාපසාරාමාධිපතිට යටහත් පහත්ව සේවය කළහ. මෙම කුඩා තාපසාරාම වල නායක තාපසවරුන් වසරක් පාසා ක්ලුනීහී තාපසාරාමාධිපති තුමා හා එක්ව සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම තාපස නිකාය අනෙකුත් බෙනදිකාන තාපස නිකායන්ට පවා අදර්ශයක් වූ නිසාම ක්‍රි.ව. 1016 දී එවකට සිටි ශුද්ධෝත්තම පියතුමා වූ අටවන බෙනදික් විසින් ක්ලුනි තාපස නිකායට තවදූරටක් ව්‍යාප්ත වන්නට ඉඩකඩ සලසා දෙන ලදී. පසු කලෙක මෙවුන් ද යාච්ඤාවට මෙන්ම කය වෙහෙසා වැඩකිරීමට ද වැඩි තැනක් දූන්හ. ක්ලුනි තාපසාරාමය පසුව යුරෝපයේ පැවත් ඉතා ධනවත්ම තාපසාරාමය බවට පත්විය. දිළිඳූකමේ වේද භාරය ආරක්ෂාකිරීමට ඔවුන් බැඳී සිටියත් තම දේව මෙහෙයන් සඳහා ඉතා වටිනා රන් හා රිදීයෙන් නිමකළ ශුද්ධවු භාජන භවිතයට යොමු වූහ. ප්‍රංශ සංස්කෘතියට අනුව ඉතා උසස් භෝජන වළඳමින්, ඉතා වටිනා සේද ඇඳූම් පැළඳූම්වලින් සැරසෙමින් ඔවුහූ ජීවිත ගතකිරීමට පුරුදූ වූහ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1098 දී රොබට් නැමැති ක්ලුනි තාපස තුමා තමා ජීවත්ව සිටි මොලෙස්මේ නම් ස්ථානයේ පිහිටි තාපසාරාමයෙන් තවත් ක්ලුනි තාපසවරු 21 දෙනෙක් හා සමග නව තාපස නිකායක් පිහිටවීමට පිටත්ව ගියහ. ඔවුන්ගේ මූලික අභිලාෂය වූයේ ශු. බෙනදික්තුමා විසින් හඳූන්වාදූන් තාපස ජීවියේ නීති රීති ඉතා දැඩි ලෙස නැවත ආරක්ෂා කිරීමයි. මොවුහූ ප්‍රංශයේම වගුරු බිමක් වූ ලතින් බසින් සිස්ටර්ශියුම් යන ස්ථායේ තම තාපසාරාමය ආරම්භ කළහ. මෙම ස්ථානයේ නම පාදක කොට ගෙන සිස්ටර්ශියන් යන නමින් එම තාපස ක්‍රමය හැඳින් වූහ.

ක්ලුනි තාපස ක්‍රමයේ තිබූ අක්‍රමිකතා

01. බෙනදිකාන තාපස ක්‍රමයේ නීති රීති නිසිලෙස පිළිපැදීම අත්හැරීම.

02. නොයෙක් ව්‍යාපාර කටයුතු නිසා ඔවුන් ධනවත්වීම.

03. ලෞකීකකරණයට පත්වීම.

04. රාජ්‍යය පාලනතන්ත්‍රය හවුල්වීම හා ආයතන වල සේවයට යොමුවීමෙන් කය වෙහෙසා වැඩකිරීමේ නීතිය තාපසවරුන්නේ ගිලිහීයාම.

යන කරුණු සදහන් වේ.

(පරිශීලනය සහ උපුටාගැනීම් - ගෞ. ශෙරොන් ඩයස් පුජාප්‍රසාදීන් වහන්සේගේ පාඩම් සටහන් මගින් )

සටහන - අසේල දසනායක