නොවැම්බර් 30 - ආගමන සමයේ පළමුවන ඉරුදින

01st SUNDAY of ADVENT

සා. ඇන්ඩෲ අපෝස්තුළුතුමන්ගේ මංගල්‍යය මෙම වසරේදී සමරනු නොලැබේ


ක්‍රි.ව. 2025 නොවැම්බර් මස 29 වන දින හිරු බැස්මත් සමඟ ආරම්භ වූ 2025/2026 දේව වන්දනා වර්ෂයේ පළමු දින වන මෙදිනෙන් ඇරඹෙන ආගමන සමයේ කොටස් දෙකකි;

i. ආගමන සමයේ පළමුවන ඉරුදින සිට දෙසැම්බර් 16 දක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය හෙවත් දෙවන පැමිණීම පිළිබඳව මෙනෙහි කරනු ලබන කාලය

ii. දෙසැම්බර් 17 සිට 24 දක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඓතිහාසික ආගමනය හෙවත් උන්වහන්සේගේ උපත සමරනු ලබන ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවයට (The Solemnity of the Nativity of the Lord) සූදානම් වීමේ කාලය

ආගමන සමයේ පළමුවන ඉරුදින වන අද දිනයෙන් ඇරඹෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ මෙනෙහි කරනු ලබන මෙම කාල සීමාවේදී බලාපොරොත්තුවේ ජනතාවක් ලෙස උන්වහන්සේගේ පුනරාගමනය අපේක්ෂාවෙන්, දයාධිකව මනස්තාප වෙමින්, උන්වහන්සේගේ ඓතිහාසික ආගමනය සමරනු ලබන ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය සඳහා උන්වහන්සේගේ නියමයන්ට කීකරුව ජීවත් වෙමින් සූදානම් වෙමු.

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;