නොවැම්බර් 30 - ආගමන සමයේ පළමුවන ඉරුදින

01st SUNDAY of ADVENT

• සා. ඇන්ඩෲ අපෝස්තුළුතුමන්ගේ මංගල්‍යය මෙම වසරේදී සමරනු නොලැබේ
ක්‍රි.ව. 2025 නොවැම්බර් මස 29 වන දින හිරු බැස්මත් සමඟ ආරම්භ වූ 2025/2026 දේව වන්දනා වර්ෂයේ පළමු දින වන මෙදිනෙන් ඇරඹෙන ආගමන සමයේ කොටස් දෙකකි;

i. ආගමන සමයේ පළමුවන ඉරුදින සිට දෙසැම්බර් 16 දක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනරාගමනය හෙවත් දෙවන පැමිණීම පිළිබඳව මෙනෙහි කරනු ලබන කාලය

ii. දෙසැම්බර් 17 සිට 24 දක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඓතිහාසික ආගමනය හෙවත් උන්වහන්සේගේ උපත සමරනු ලබන ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවයට (The Solemnity of the Nativity of the Lord) සූදානම් වීමේ කාලය

ආගමන සමයේ පළමුවන ඉරුදින වන අද දිනයෙන් ඇරඹෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ මෙනෙහි කරනු ලබන මෙම කාල සීමාවේදී බලාපොරොත්තුවේ ජනතාවක් ලෙස උන්වහන්සේගේ පුනරාගමනය අපේක්ෂාවෙන්, දයාධිකව මනස්තාප වෙමින්, උන්වහන්සේගේ ඓතිහාසික ආගමනය සමරනු ලබන ක්‍රිස්තෝත්පත්ති මංගලෝත්සවය සඳහා උන්වහන්සේගේ නියමයන්ට කීකරුව ජීවත් වෙමින් සූදානම් වෙමු.

Read more

දෙසැම්බර් මාසය සඳහා ශුද්ධෝත්තම පියතුමන්ගේ යැදුම් අරමුණ

ගැටුම් පවතින ප්‍රදේශයන්වල සිටින කිතුනුවන් සඳහා යුද්ධ හෝ ගැටුම් පවතින ප්‍රදේශවල, විශේෂයෙන් මැද පෙරදිග ආශ්‍රිතව ජීවත් වන කිතුනුවන්ට සා

නොවැම්බර් 29 - ප්‍රාණපරිත්‍යාගි රාජගුරුප්‍රසාදි ටූලූස්හි සා. සැටර්නින් මුනිතුමා

Saturnin of Toulouse (Latin: Saturninus; ක්‍රි.ව. 03 වන සියවස) 'ගෝල්වරුන්ගේ අපෝස්තුළුවරයෙකු (an Apostle to the Gauls)' ලෙස හඳුන්වන මෙතුමන් ක්‍රි.ව. 03 වන සියවසේදී ගෝල් දේශයේ